Friday, January 2, 2009

The Real War-fare has Started Now..?? :|

Since all the sources were reporting locally & internationally, Kilinochchi is the main and the most powerful LTTE location, when our brave troops liberated it from stinky tigers it was a great victory for all of us (indeed).. (Thumbz up!! bravo!!)
At this great victorious moment, sure we should rejoice.. And at the same time, there's something that we all have to keep in mind! Our safety.. National safety..!! And about the possibilities!!

Though they themselves, showed the world, falling of the Kilinochchi would vanish them from earth, still there are four LTTE bases in the northeast! And all these times they had been withdrawing! They knew our heroic troops were gonna reach Kilinochchi for sure. What if they are preparing for our soldiers? What if they are making better plans to face our soldiers in a different aspect! (hope not!!)

We say, yesterday's blast in Colombo was a desperate attack! But still it took 3 lives injuring many.. And just imagine, if it had worked properly, the ruin it could have done! Every time when we get enchanted by a victorious news, they blow off..

So this is the time we should be more alerted than ever, and be praying for all our brave soldiers for their perseverance, safety, and constancy..

Well done Brave boys.. we are eternally grateful to you.. And you are ever commemorated..

Saturday, December 27, 2008

ශ්‍රි ලාංකීය අපි.. :D

video

සුදු හිම...


මුතූ

කම්මැලී.. මම යනෝ මුතූ බලන්න...

පරක්‌කු කෝච්චිය :D

හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. අකුරු ලියාගන්නත් අමතක වෙලා අප්පා... අනේ අනිච්චන් මටත් ගිය කලක්‌! "පරක්‌කු වෙලා හරි කමක්‌ නෑ, ඇවිත් මොනා හරි ලියන්න" කියලා මගේ මිතුරු පිස්‌සුහටන කිව්ව නිසාම ඔන්න ලියන්න හිතුවා.. අද ඉස්‌කෝලෙ අලුත් අවුරුදු උත්සවේ.. ඒකලු ඉතින් ඩිංගක්‌ (ඩිංගක්‌ කිව්වට පැය 3ක්‌ විතර) පරක්‌කු වුනේ.. කොහොමින් හරි කමක්‌ නෑ... බ්ලොග් මැරතන් දුවන ඔක්‌කොටම මෙන්න මගේ සුබ පැතුම්!!.. (ඊලඟ සටහනට කලින් මට නින්ද ගිහින් තිබ්බොත් තමා වැඩේ... ) :D

Saturday, November 22, 2008

වම - දකුණ

(මොහොතක්‌ මේ වමද දකුණද කියලා හිතාගන්න බැරුව හිටියා... වම වුනත් දකුණ වුනත් මොකෝ... ඔක්‌කොම අදහස්‌ නේ... :D)

වම: අනේ ඇයි මෙච්චර විඳවන්න වෙලා තියෙන්නේ...මෙහෙම ගියොත් නම් පිස්‌සු හැදෙයි..

දකුණ : ඔන්න ඔන්න ආයෙත් පටන් ගත්තා mood ගහන්න... exam එකක්‌ ළං වෙද්දි ඔහොම්මමයි ඉතින්!

වම : විකාර! ජීවිතේ හැටි මතක්‌ වෙන්න exam එකක්‌ ළං වෙන්නම ඕනිද...
බලන්න... දැන් මතක ඇති කාලෙක ඉඳන් පොතක පතක වැඩක්‌ ඇරෙන්න, ජීවිතේ මූලිකම දෙයක්‌ විදියට වෙන මොනවත්ම දෙයක්‌ කොරගෙන තියෙනවද...

දකුණ : විකාර ඔහේට! ඉතින් දෙයියනේ මේකනෙ ජීවිතේ මූලිකම දේ!

වම : ඔය ඉතින් දන්න තරම තමා! බලන්න එකට හිටපු යාලුවෝ කී දෙනෙක්‌ දැන් ජීවිතේ කොච්චර ලස්‌සනට ගෙවනවද... ඔයා තමා එකම තැන පල් වෙන්නෙ...

දකුණ: ඉතින් තව කල් තියෙන්නේ ඔය හැම දේටම! ඉවසලා ඉන්නවකෝ...

වම : ඒ කාලෙදිම හිතන්න තිබුනා... job එකක්‌ කොලානම් කොච්චර ජොලි ද බලන්න... හිතේ හිතේ හැටියට විනෝද වෙන්න තිබ්බානේ...

දකුණ: අපෝ ඒ වගේද දැන්! job කොලානම් ජීවිතේ හරිම ඒකාකාරීනේ...

වම: ඇයි දැන් වෙනස්‌ වෙනස්‌ දේවල්ද කොරන්නෙ.. හැමදාම exam කිය කියා පොත්ම බදන් ඉන්න ඔයාගෙ මොන වෙනසක්‌ ද...

දකුණ: හරි හරි... කෑනොගහ ඉන්න... වැපුරුව තරම තමයිලු පල! දැන් නැතත් අඩුගානෙ අනාගතේ හරි ලස්‌සන වේවිනේ...

වම: හුහ්! ඉපදුනු දා ඉඳන් ඇහෙන්නෙත් ඔය ටිකමනේ... කෝ ඉතින් ඔය කියන අනාගතේ.. හැමදාම හැමෝම කියන්නෙ ඕකම තමා... අන්තිමේ කවුරුත් නවතින්නේ එකම වළේ...

Monday, November 17, 2008

රණවිරු සතිය!


මූණු පොතේ (FB) ඉන්න මගෙ යාලුවො අතරෙ ඊයෙ ඉඳන් හරි උනන්දුව! Prof.pic එක මාරු කරනවා... Status මාරු කරනවා... එක වැඩයි!
මොනා වුනත් කොච්චර හොඳ සංකල්පයක්‌ද කියලා හිතුනා මටත්! ශ්‍රී ලාංකික අපි ඔක්‌කොම මෙහෙම එකට එකතු වෙලා ඉන්නවා නම් හැමදාම, අපේ පුංචි මවු බිම කොයි තරම් ලස්‌සන වේවිද....

අපේ පුංචි දිවයින, කැඩී යා නොදී රැක ගන්ට වෙහෙසෙන, අපේ රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය!
තෙරුවන් සරණයි ඒ ලක්‌ පුතුනට!
ලක්‌ මෑණිගේ වීර පුතුනි, අප රැක ගන්න වෙහෙසෙන අප සහොදරවරුනි, ඔබ සැමට අප සදා ණය ගැතියි!!!


(My extreme curtsy to all The SL forces... May the blessings of the Triple Gems always be with them!)