වෙස් මූණු...
පන්සලේ පල්ලියේ පාසලේ මග-තොටේ, මුණ ගැසෙන්නන්ගෙන් කීයෙන් කී දෙනාද, පුංචි හෝ හිනාවකින්, එහෙමත් නැත්නම් වචනෙකින් දෙකකින් අපිව අමතන්නෙ.. ඒ අතරිනුත් කීයෙන් කී දෙනාද, හදවතින්ම සුහද බව පෙන්වන්නෙ...
එච්චර ඕනි නෑ... මේ ලඟින්ම ඉන්න මිතුරාටත් සමහර වෙලාවට පෙන්වන්නෙ වෙස්-මූණ.. කතා කරන්නෙ, හිනා වෙන්නෙ නොකර බැරි කමට! එහෙමත් නැත්නම් වෙන වාසියක් බලාගෙන! මිනිස්‌සු මෙච්චරටම කටුකද? රළුද?
හැමෝම කාර්ය බහුලයි... බොහෝ දෙනෙකුට අනුන් ගැන තියා, තමන් ගැනවත් බලා ගන්න වෙලාවක් නැ... ඒත් ලඟින් පහුවෙන කෙනෙකුට පුංචි හිනාවකින්වත් සංග්‍රහ කරන්න බැරි වෙලා තියෙන්නෙ කාලයේ ප්‍රශ්නෙකින් කියලා නම් මම විශ්වාස කරන් නැ...
හැබැයි එක අතකට, බොරු වෙස් මූණු දාගෙන, ප්ලාස්‌ටික් හිනා මවා පාලා "වාසියට හෝයියා" කියනවට වඩා, නොදැක්‌කා සේ යන එක වැඩිය හොඳයි!
අනෙක් පැත්ත...
සමහර විට අපි අතිනුත් මෙහෙම මග හැරෙන වෙලාවල් ඇති! එහෙම වෙලාවට කී දෙනෙක්‌ගෙ හිත් අමනාප වෙලා ඇත්ද... කී දෙනෙක් තුල වැරදි වැටහීම් ගොඩ නැගී ඇත්ද...
නමුත් අනික් අතට මට හිතෙන්නෙ, ඕනි කමින් කිරීම සහ, බැරි වී සිදුවීම අතර හඳුනා ගත හැකි විදියේ ලොකු වෙනසක් තියෙනවැයි කියලා...
කොහොම උනත් හොදම දේ, කා එක්‌කත් සුහදව, (බොරුවට,නොකර බැරිකමට නෙවි,හදවතින්ම ලෙංගතුව) විසීම නේද...
........................
2 years ago

3 comments:
කතාව සම්පූර්ණ ඇත්ත. ඇයි මිනිස්සු එහෙම කරන්නෙ? මම කියන්නෙ ගැහැණු පිරිමි දෙගොල්ලම මෙහෙම බොලඳ විදියට හැසිරෙනවා. ඔක්කොටම මුල හිත අපිරිසිදු වීම. "මම" කියල 'මහානුභාවසම්පන්න' ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන ඉන්නව බොහොම දෙනා. මේ ප්‍රතිරූපය ලොකුවෙන්න ලොකුවෙන්න විෂම ගති මතුවෙන්න පටන්ගන්නව. වෙස් මූණ නිකම්ම මතුවෙනව. ඒ උනාට සුහදව හිනාවෙන්න සල්ලි යන්නෙ නැහැ. හිත පිරිසිදුව හිනාවෙන තැනැත්ත නිරෝගි කෙනෙක් වෙනව. එයාට හොඳට නින්ද යනව, මොකද හිතේ බරක් නැති නිසා. මේ කරුණු මම අත් දැකීමෙන් දන්න දේවල්. අවාසනාවකට අපේ මිනිස්සු එහෙම හිතන්නෙ නැහැ. අපි ජීවත් වෙන්නෙ material world එකක. හිත බැඳෙන දේවල් පිරිලා.
ඔබේ අදහසට බොහෝම ඉස්‌තුතියි! මගෙ හිතෙ තිබුනු, නොලියෑවුනු ගොඩක් දේ ඔබ පෙන්වලා දීලා තියෙනවා...
මගේ සංකල්පය... එදා ජීවත් වෙන එක.. අද දවසේ ජීවත් වෙනවානම් කිසි අවුලක් නෑ... අපිට හෙට ඉදීද දන්නවද... අද හමුවුනා වගේ කෙනෙක් හෙට හමුවෙන්න පුලුවන්ද.. අද ලැබෙන දේ හෙට ලැබෙයිද... වදගත් අද දවස තල ජීවත් වීම.. එතකොට ඔක්කම විසදෙයි...
Post a Comment