Monday, November 10, 2008

'මල්ල' සහ 'කර'

'මල්ල' කරේ එල්ලා ගෙන එහෙටයි මෙහෙටයි මෙ ටිකේම... විවේකේ කියන දේ හරීම අල්පයි... ළඟදිම එන ලොකු වැඩේටයි මේ සූදානම! නඩේ ගුරා මමයි කියමුකෝ... ගුරාට නඩෙන් ලැබෙන සහයෝගෙ නිසා තමා ගමන පහසු වෙලා තියෙන්නෙ... කොහොම වුනත් හවසට ගෙදරට ගොඩ වෙන්නෙ "පාන්" කියා ගන්න බැරුව! 'කර' රිදෙනවා හොඳ ගානට! මල්ලෙ බර වැඩි කමටම! ලොකු වැඩේ ගැන හරිම උනන්දුවෙන් ඉන්නෙ... ඒ අතරෙදි වෙන අකරතැබ්බ එහෙම පාත් නොවෙවා!! (exams වගේ) අනික්‌ පොත් වල වැඩ එහෙම අමතක වෙයිද දන්නෙත් නෑ අප්පා... එච්චරට මේ වළට වැටිලා... ලොකු වැඩෙ තියෙන්නෙ මේ එන සෙනසුරාදා... එදාට තමා තීරණය වෙන්නෙ සාර්ථකත්වය! අනේ දෙවියනි, එය හොඳින්ම සිදු වේවා..!!!

5 comments:

සරත් ගුණතුංග said...

ඔබට යහපතක්ම වේවා!!!

SweetuPooh said...

බොහෝම ඉස්‌තූතියි...

අමල් ඉෂාන්ත said...

ලොකු වැඩකට වගේ ලෑස්තිය..

Priyankara Perera said...

" About Me

විවිධ දේ විනිවිද දකිමි!! "

ඈදුම් පෑලදුම් පවා....?

SweetuPooh said...

Amal> yep yep ලොකු වැඩක්‌ තමා ... :D

Priyankara> අම්මෝ! ඔන්න ඕකනෙ බැරි! දෙයක්‌ කීවම වචනෙ තේරුම විතරනෙ ගන්නෙ! ඇතුලාන්තය දකින්නෙ නෑනෙ... :P :P දෙයියන්ගෙ පිහිටෙන් තාම එහෙම අක්‍ෂි දෝශයක්‌ නම් නෑ මට ... :D :P