Saturday, November 15, 2008

ලොකු වැඩේ

පොරොන්දු වුනානෙ සෙනසුරාදාට කියනවැයි කියලා මොකක්‌ද ලොකු වැඩේ කියලා... ඒත් ඊයෙ මහන්සියටම නින්ද ගියා! සමා වෙන්නෝනි!
ලොකු වැඩේ තමා අපේ Annual Talent Show එක! නමින්, "CMU-Rondezvouz-Extravaganza"! ?
දැන් ඉතින් කට්‌ටියම කියාවි අය්යෝ ඔහොම එකක්‌ද කියල... නේද? හි හි... :) ඒත් ඒක කරන්න ගියාම තමා ඒකෙ රඟේ තේරෙන්නෙ... ලේසි නෑ.. ඒ මදිවට මම (treasurer) බාන්ඩාගාරික! ඊටත් හපන් මගේ drama එක! ඒක ඒ program එකේ තිබ්බ එකම drama එක වෙච්චි! ඉතින් ඒක හොඳටම කරන්න එපායෑ! කොහොම හරි ප්‍රධාන චරිත දෙකෙන් එකක්‌ මම! එක ගැන පසුව කියන්නම්! ඉතින් ඔන්න ඕකටයි මෙච්චර දවසක්‌ වෙහෙසුනේ! දැන් ඉතින් ආපහු පුරුදු ජීවිතේට!
දැන් නම් පොත් පත් තිබ්බ තැනක්‌ වත් මතකද මන්දා! අතපහු වුනු වැඩ පටන් ගන්නොනි අද ඉඳන්! ඒ අතරෙදි ඉඩ ලද සැනින් drama එක ගැන ලියමි!

15 comments:

Supun Sudaraka said...

ඔය හොඳ නයෙක් ඇරලා තියෙන්නේ! ;)
එළ එළ! :)

SweetuPooh said...

දැන් මට කියනවද මොකක්‌ද ඔය "හොඳ නයා" කියන එකෙ තේරුම! හිහිහි.. මම හොඳ tube light එකක්‌ නෙ...! ඔය double meanings තේරරෙන්නෙ නෑලු! :D

Supun Sudaraka said...

අයියෝ නයා අරිනවා කියන එක දන්නේ නැතිදැ? :D

නයා අරිනවා කියන්නේ පොඩි ‍සාම්ප්‍රදායික යෙදුමක්. ඕක හැදුනේ මෙහෙමයි කියලා කෙටියෙන් කියනවානම්,

එක ‍පෝසත් මිනිහෙක්ට ඕන වුනාලු තමන්ගේ පෝසත්කම ගැන අනිත් අයට කියන්න. ඉතින් ඒක නිකම්ම කියන්න බැරි නිසා මෙන්න මේ විදිහට (මේ වගේ) කිව්වාලු...

"අනේ බලන්න‍කෝ ඊයේ අපේ ගෙදර‍ට නයෙක් ආවා නෙව. ඒ නයා අ‍පේ අලුත ගත්ත සැටි එක උඩින් ගිහිල්ලා ඊටපස්සේ අපේ අලුත්ම කෑම මේසේ උඩන් ඇදිලා ගියා නෙව. ඒ විතරක් නම් කමක්යැ? මෙන්න මූ අපේ අළුත ගත්ත ටීවි එක උඩින් හිමින් සීරුවේ ඇදිලා ගිහිල්ලා ‍අපේ අළුත් සෙටප් එක වටේ කැරකැවිලා. මගේ නිදන කාමරේ අළුත්ම කණ්ණාඩි මේසේ උඩින් ඇදිලා ගියා නෙව..."

ඕක තව දිග තියෙනවා ඉතින්.

ඔන්න ඔහොමයි වුනේ :D

SweetuPooh said...

හෆොයි එහෙනම් මාත් හොඳ නයෙක්‌ ඇරලා ද? හාහාහා.... :D :D
අනේ එහෙම හිතාගෙන නම් නෙවෙයි ලු පටන් ගත්තෙ.. තිබුනු excitement එක, stress එක නිසාම මට ඕනි වුනේ නෑ ඒක එක පාරටම කියලා දාන්න...
අනික කලින් ඉඳන්ම පම්පෝරි ගහලා, අන්තිමෙ වැඩේ සවුත්තු වුනොත් ඒක කියන්න ලැජ්ජයි නෙ... හිහිහි... දැන් නම් ඉතින් බය නැතුව කියන්න පුලුවන්! අපි කොළා ඉහලින්ම කියලා...
:D :D

ශාකුන්තල said...

මාර ඇඩ් එක. අපටත් ළඟදිම එනව drama තුන හතරක් තියෙන ලොකුම ලොකු වැඩක්. අපි ඇඩ් දාන්නෑ... ඇඩ් හොයනව... :D

SweetuPooh said...

හපොයි හරි හරි... මේක මගෙ ඇඩ් එක.. අනික මගේ blog එක! මගේ හැඟීම් මම මට ඕනි විදියට විස්‌තර කරනවා.. බලලා ඕනි ඕනි විදියට comment කරන එක ඕගොල්ලොංගෙ වැඩක්‌! ඔයාලා කොහොමත් ලොකු ලොකු වැඩ කරනවා ඇති! but this is how I did my small work! මොනා උනත් comment එකට ස්‌තුතියි!

ශාකුන්තල said...

හපොයි ඔච්චර කේන්ති ගන්න එපා..!
A5 Quarter Page Rs. 1000
A5 Half Page Rs. 1500
A5 Full Page Rs. 2500

දාමුද ඇඩ් එකක්?

ශාකුන්තල said...

විහිලුවක් කළේ... small work වුනත් වටිනවා.. වීඩියෝ ක්ලිප් එකකුත් එක්කම දැම්මනං බ්ලොග් එකේ...

SweetuPooh said...

බටර්! බටර්!! දැන් ඉතින්... :P :P
සමා වෙන්න... ඇඩ් දාන්න තරම් නම් සල්ලි නෑ මගෙ අතේ...

Supun Sudaraka said...

හපොයි! තරහ ගන්නනම් එපා. මං මේ විහිළුවට කිව්වේ ;)

SweetuPooh said...

හරි හරී... මම තරහා නෑ කා එක්‌ක වත්....

චමිල said...

A5 Quarter Page Rs. 1000
A5 Half Page Rs. 1500
A5 Full Page Rs. 2500

තාම available !!!

=D

අමල් ඉෂාන්ත said...

අනේ මට පොඩි සමරුවකුත් එක්ක අත්සන ගහලා කොලයක් එවන්න බැරිද? හොඳට ජනප්‍රිය වෙච්ච කාලේක ඉතින් අල්ල ගන්නවත් බැරි වෙයි.(මන් කීවේ බලොග් සටහනක්වත් නැතිවෙයි. ශූටින් කිය කියා ඉඳියි):-D

Bo said...

සතුටුයි ඔබේ නාට්‍යය ගැන දැන්ගන්න ලැබීම, කලා කටයුතු හා දවස ගෙවන එක මොනතරම් සුන්දර ඇතිද? මෙවැනි දෑ ලියන්න, දිගටම කියවනවා, ඒත් කාලය සමග ප්‍රශ්නයක්, එනිසා comment කරන්න ප්‍රමාද වෙන්නේ. ඔබ ලියන සටහන් තවත් විස්තර සහිතව ලියන්න, රස මුසු තැන් එකතු කර. මොනවගේ නාට්‍යයක්ද රඟ දැක්වූයේ ? ඒ ගැනත් ඉදිරියෙදි ලියන්න නංගී/මල්ලී

SweetuPooh said...

ස්‌තුතීයි බෝ අක්‌කේ... (මම ඔබට නංගියෙක්‌ මි) කළා කටයුතු සීමා සහිතයි... විශය බාහිරයි! අවස්‌ථාවක්‌ ලැබෙන්නෙත් අවුරුද්දටම එක්‌ වරයි.. ‌නමුත් ලද අවස්‌තාවෙන් උපරිම වින්දනයක්,‌ සතුටක්‌ ලැබ ගතිමි! කාලය ප්‍රශ්නයක්‌ මටත්.. නමුත් ඉදිරියේදී නාට්‍යය ගැන ලියන්නම් ඉඩක්‌ ලදොත්!